වේල්සයේ රෝස කුසුම - ඩයනා
- Boomerang
- Mar 10, 2019
- 4 min read

ඩයනා කුමරිය යනු අදටත් ලොව ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරයට පාත්‍රවන කාන්තා චරිතයක්. 20වන සියවසේ වැඩිම කතාබහට ලක්වූ කාන්තාව වන ඇයගේ නම එම සියවසේ ලොව වැදගත්ම පුද්ගලයින් 100 දෙනා අතරටද ඇතුළත් කරනවා. ඒ, 1999 වර්ෂයේදීයි.

පරපුරෙන්ම රාජකීය ලේවලට උරුමකම් කියමින් 1961 වර්ෂයේ ජූලි 01 දින උපත ලැබූ ඩයනා කුමරියගේ දෙමව්පියන් වන්නේ වංශාධිපති ජෝන් ස්පෙන්ස් සහ ෆ්රාන්සස් ශෑන්ඩ් ආර්යාවයි. ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටි පවුලට ඇය උපදින්නේ පවුලේ තුන්වන දරුවා ලෙසිනි. රාජකීය පෙළපතකින් පැවත එන ඩයනා පිය පාර්ශවයෙන් එංගලන්තයේ කීර්තිමත් අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චිල්ගේ ඥාතීවරියක් වනවා. කෙසේවෙතත් ඩයනාගේ කුඩා කල ඇයට මුහුණ පෑමට සිදුවූ අවාසනාවන්තම සිදුවීම වන්නේ සිය මව සහ පියා දික්කසාද වීමට තීරණය කිරීමයි. ඩයනාගේ පියා දඩයමේ යාම ප්‍රිය කළ පුද්ගලයෙකු වු අතර, මව ප්‍රිය සම්භාෂණ සහ රැඟුම් ගැයුම් රුචි කළ කාන්තාවකි. දෙපළගේ මෙම නොගැලපීම මෙන්ම ශෑන්ඩ් ආර්යාව නිත්‍ය නාවිකයෙකු සමග ඇති කරගත් පෙම් සබඳතාවය නිසා තම බිරිඳගෙන් වෙන්වීමටයි වංශාධිපති ජෝන් ස්පෙන්ස් තීරණය කරන්නේ.

ඩයනා කුමරිය යනු අධ්‍යාපනයට සමත්කම් දැක්වූ තරුණියක් නොවේ. 1968 වර්ෂයේදී රිඩ්ල්න්වර්ත් හෝල්හි බාලිකා පාසලට ඇතුළුවූ ඇයට ඉන් පසුව වෙස්ට්හෙල්ත් කාන්තා පාසලට ඇතුළු වීමට සිදුවෙනවා. එහිදී ඇය පළමු පෙළ විභාගයෙන් දෙවරක්ම අසමත් වීමෙන් මුළු පාසල පුරාම ප්‍රසිද්ධියට පත් වනවා. එමෙන්ම ඇය තවත් අංශයකින් පාසලේ ජනප්‍රිය චරිතයක් වනවා. ඒ, පාසලේ සිටින දක්ෂතම පියානෝ වාදන ශිල්පිණිය බවට පත් වෙමින්.

එපමණක් නොව කුඩා කල පටන් ඇයගේ ආශාව වි තිබුණේ බැලේ නර්තන ශිල්පිණියක් බවට පත් වීමයි. ඩයනාට එම සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වුව ද පසුකාලීනව එංගලන්ත ජාතික බැලේ කණ්ඩායමේ අනුග්‍රාහිකාවක් ලෙස ඇය කටයුතු කිරීමට පටන් ගන්නවා. ඇයගේ මව මෙන්ම කලාව සහ සෞන්දර්ය ප්‍රිය කළ තැනැත්තියක් ලෙස ඩයනා හැඳින්විය හැකියි. 1977 දී පාසල් අධ්‍යාපනය නිම කළ ඩයනා සංගීතය සහ බැලේ නර්තනය ප්‍රගුණ කරනු ලබනවා. ප්‍රංශ භාෂාව, ඇදුම් මැසීම, ලඝු ලේඛණය, යතුරු ලියනය මෙන්ම හිම ක්‍රීඩාද ඇය විසින් ඉගෙන ගැනීමට ඇය තව තවත් උනන්දු වනවා.
චාල්ස් කුමරු සහ ඩයනා පවුලේ සොයුරු සොයුරියන් කුඩා කළ සිට මිතුරන් වනවා. පසුකාලීනව ඩයනාගේ සොයුරියක් වන සාරා සමග චාල්ස් කුමරු පෙම් සබඳතාවක් පවත්වා තිබුණා. ඒ, සාරාට වයස අවුරුදු 22ක් සහ චාල්ස් කුමරුට වයස අවුරුදු 28ක්ව තිබියදීයි. සාරා එම පෙම් සබඳතාව නැවැත්වීමෙන් පසු චාල්ස් කුමරු 17 හැවිරිදි ඩයනා සමග සමීප ඇසුරක් පවත්වාගෙන යනවා. කාලයක් සමග පෙම් සබඳතාවක් බවට පත්වන මෙම සමීප ඇසුරට ඩයනාගේ දෙමව්පියන් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වනවිට ඩයනා පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටින්නේ ලන්ඩනයේයි.

කෙසේවුව ද 1981 පෙබරවාරි 24වන දින නම් ප්‍රසිද්ධ කිරීමෙන් පසුව එම වසරේම ජූලි 29 වන දින ඩයනා ස්පෙන්සර්, ඩයනා කුමරිය ලෙස බකිංහැම් මාළිගයට යන්නේ මුළු ලොවේම අවධානය තමා වෙතට යොමු කරවා ගනිමින්. ඇයගේ විවාහය 20 වන සියවසේ විවාහය ලෙස ද හැඳින්වෙනවා. මෙම විවාහ උත්සවය ලොව පුරා රූපවාහිනි නාලිකාවල සජීවීව විකාශය කරන්නට වූ අතර එය නැරඹූ පිරිස මිලියන 750කට අධික බවයි පැවසෙන්නේ. මෙම රාජකීය විවාහ උත්සවයේදී ඩයනා කුමරිය පැළඳූ මුදුව සහ මංගල ඇදුම ඉතා ඉක්මනින් ලොව පුරා මංගල උත්සව වලදී අනුකරණය කරන්නට වුණා.

නමුත් සිය මංගල දිනයේදීම චාල්ස් කුමරු විසින් ඩයනා කුමරියගේ සිත බිඳීමක් සිදු කරනවා. ඒ, මංගල උත්සවයේදී අමුත්තන්ට ත්‍යාග ලබා දෙන අවස්ථාවේදී ඇයගේ අකමැත්ත මත කැමිලා පාකර්ට ත්‍යාගයක් පිරිනැමීමයි.

කෙසේ හෝ රාජකීය දිවියට ඇතුළුවන ඩයනා කුමරියට ඉක්මණින්ම එම ජීවිතය පීඩාකාරී වනවා. එසේ වන්නේ දිනකට හතරවරක් පමණ ඇදුම් මාරු කිරීමට සිදුවීම, සියලු කටයුතු නිශ්ශබ්දව කිරීමට සිදුවීම ආදී තවත් කරුණු නිසා. මේ ආදී නීති ඉතා සැහැල්ලුවෙන් ජිවත් වූ ඩයනාට හිරිහැරයක් වනවා. මේ හේතුව නිසා ඇයට රාජකීයයන් අප්‍රිය වීම පවා සිදු වනවා.

ඇයට තිබූ එකම සැනසීම වූයේ ඇයගේ දරුවන් දෙදෙනා වූ විලියම් කුමරු සහ හෙන්රි කුමරුයි. හැකි සෑම වෙලාවකම ඇය තම කාලය වෙන් කළේ දරුවන් සමග ගත කිරීමටයි.

කැමිලා පාකර් සමග චාල්ස් කුමරුට ඇති සම්බන්ධය දිනෙන් දින වර්ධනය වී ඇති බව දැනගනීමත් සමග ඩයනා කුමරියට සිය විවාහ ජිවිතය සම්බන්ධයෙන් කලකිරීමක් ඇති වී තිබෙනවා. මෙම කලකිරීම කොපමණදයත් චාල්ස් තුමරු හා බහින් බස් වූ මොහතක දෙහි කපන පිහියකින් ඇගේ ශරීරයේ කලවා හා පපු ප්‍රදේශය කපා ගන්නවා. එමෙන්ම 1982 වර්ෂයේ චාල්ස් කුමරු ඇයව තනිකර අශ්වාරෝහක චාරිකාවක් යාම නිසා ලී තරප්පුවක ඉහළ සිට පහළට පනිනවා. ඇය කොන්සින්ටන් මාළිගාවේ වීදුරු කැබිනෙට්ටුවක් මතට පැනීමටද තීරණය කරන්නේ චාල්ස් කුමරු, කැමිලා පාකර් සමග දිගින් දිගටම ප්‍රේම සබඳතාව පවත්වා ගැනීම හේතුවෙන්.

හැලහැප්පීම් සමග මෙසේ ගෙන ගිය විවාහ ජීවිතය ඇය අවසන් කිරීමට තීරණය කරන්නේ ඇය 1995 වර්ෂයේදී චාල්ස් කුමරුගෙන් දික්කසාද වීමත් සමගිනි. මෙම කාලය ඇතුළත කුමරිය විශාදය සහ අතික්ෂුධාව යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළී තිබෙනවා.
ඩයනා කුමරිය යනු ගෝලීය වශයෙන් අසරණ දරුවන්ට උදව් උපකාර කළ තැනැත්තියක් වුණා. ඇය HIV ආසාදියන් සහ වෙනුවෙන් කාරුණිකව කටයුතු කළ තැනැත්තියක් වුණා. එමෙන්ම ඇය බිම් බෝම්බ ඉවත් කිරිමෙන්ද සමාජ මෙහෙවරක් ඉටු කළ තැනැත්තියක්.
ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමි වන්නේ 1997 වර්ෂයේදී වන අතර, එය හිමි වනවිට ඇය සිය ජිවිතය හැර ගොස් තිබුණා. ඇයට නොබෙල් ත්‍යාගය හිමි වන්නේ දෙවන ලෝක යුද්ධ සමය තුළ මෙන්ම 20 සියවසේ ඇතැම් රටවල ඇති වූ සිවිල් යුධ වකවානුවලදී වල දමන ලද බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ලෝක ජනමතයක් ඇති කිරීම වෙනුවෙන්.
“පොදු ජනතාවගේ කුමරිය” ලෙස හැඳින්වූ ඩයනා කුමරිය 2019 වන විට මෙලොවින් සමුගෙන අවුරුදු 22ට ආසන්න කාලයක් ගතවී අවසන්. ඇයගේ මරණය සම්බන්ධයෙන් අදටත් විවිධ මත පල වෙමින් තිබෙනවා. ඇයගේ මරණයට හේතුව වී තිබෙන්නේ චාල්ස් කුමරුගෙන් වෙන් විමෙන් අනතුරුව ඇයගේ පෙම්වතා වූ ඩොඩී අල්ෆයිඩ් සමග පැරිස් නුවර උමං මාර්ගයක මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සිදු වූ රිය අනතුරයි. ඒ, ඩයනා කුමරියට වයස අවුරුදු 36ක්ව තිබියදී 1997 වර්ෂයේ අගෝස්තු 31වන දිනයි. රිය පදවා තිබුණේ හෙන්රි පෝල් විසින් වන අතර ඔහු ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබූ බවට පසුව අනාවරණ වී තිබුණා. එමෙන්ම ඔවුන් ගමන් කළ රථය පැපරාසීන් විසින් ලුහුබැඳ තිබෙනව බව ද පැවසෙනවා. ඇතැමුන් විශ්වාස කරන්නේ මෙම රිය අනතුර රාජකීය පවුල විසින් සිදු කරන ලද්දක් බවයි. ඩොඩී අල්ෆයිඩ්ගේ පවුල විසින් මෙම ඝාතනය සිදු කරන ලද බවටද ඇතැමුන් සැක පළ කරනවා.
ඩයනා කුමරිය යනු විලාසිතා සම්බන්ධයෙන් ලොව පුරා අවධානය දිනාගත් කාන්තාවකි. ඇයගේ ජනප්‍රියම විලාසිතා අතර හිස රැන්දූ විවිධ ඔටුනු විශේෂිතය. එමෙන්ම ඩයනා කුමරියගේ කැරළි කොණ්ඩය කපා කිබූ ආකාරය එකල “ඩයනා කට්” ලෙස 90 දශකයේ අග භාගය තෙක්ම ප්‍රසිද්ධ වන්නට විය.
ඇයගේ විලාසිතා එකල කාන්තාවන් අතර සැණින් ජනප්‍රිය වූ අතර, ඇයව අනුගමනය කරමින් කොණ්ඩය කැපීමටත් ඇඳුම් ආයිත්තම්වලින් සැරසීමටත් මෙරට කාන්තාවන් පවා පෙළඹුණි.
ඇයගේ රිය අනතුරත් සමගින් මුළු ලොවම ඒ වෙනුවෙන් කම්පා විය. සමස්ත ලන්ඩන් නුවරේම මහ ජනතාව ඇයට ගරු කිරීමක් ලෙස විදීවලට බසින්නට විය. කෙසේවෙතත් ඩයනා කුමරියගේ මරණය සම්බන්ධයෙන් රාජකීය පවුල ඉටුකළ පිළිවෙත් කෙරෙහි මහජනතාව තුළ ඇති කළේ කිසියම් නොසන්සුන්කාරී තත්ත්වයක්. ඒ මන්දයත් ස්කොට්ලන්තයේ සිටි රාජකීය පවුල ඇය වෙනුවෙන් දේව මෙහෙයක් පැවැත්වූවත් එහිදී ඩයනාගේ නම සදහන් කර තිබුණේ නැහැ. මේ නිසා ඇති වූ ජනතා විරෝධය නිසා සැප්තැම්බර් මස පස් වනදා ඩයනා මියගිය බව ජාතිය අමතා ප්‍රකාශ කරන්නට එළිසබෙත් මහරැජිණට සිදු වෙනවා.

සිය පවුලේ සුසාන භූමිය වන ඇල්තෝප් උද්‍යානයේ “The Round Oval” නම් දූපතේ ඇයට වෙන් වූ කුඩා ගෘහයක ඇය සැතපී සිටින්නේ දිග කළු ගවුමක් හැඳගෙනය. ඇය මෙලොව ජීවත් වූ තිස්හය වසර සිහිපත් කිරීම වෙනුවෙන් ඕක් ගස් 36ක් ඇයට සෙවන දෙමින් සිටියි. කළු හංසයන් සිව් දෙනෙකු ඇයට තනි රකිමින් විලේ වාසය කරයි. මිය යන්නට පෙර තෙරේසා මව්තුමිය විසින් ඇයට පිරිනැමූ පබළු කොන්තය ද ඈ අත සතුය.
මරණින් පසුව ලොවක් හැඩවූ ඩයනා කුමරිය වර්තමානයේදී පවා ජනතාවගේ සිත්වල රැදී සිටින චරිතයක් ලෙස ජීවමානය.
චින්තනී නවෝද්‍යා ගමගේ.
Comentarios