පළමු මනමේ කුමරිය හෙවත් ට්‍රිලීශියා ගුණවර්ධන.
- Boomerang
- Jul 15, 2018
- 1 min read
අද මා තෝරාගන්නේ ට්‍රිලීශියා ගුණවර්ධන නම් වූ කලාකාරිනිය ගැන සටහනක් බූමරෑන්ග් නම් වෙබ් පිටුවේ තබන්නටයි. අන්තර්ජාලයේ ඇය ගැන ලියවී නැති තරම්ය. ඒ නිසා මේ සටහන තැබීම යෝග්‍යයැයි මාහට හැගේ.
ට්‍රිලීශියා ගුණවර්ධන මහත්මිය කලාවට මුල්වරට පාතබන්නේ රේඩියෝ ගුවන්විදුලිය හරහාය. 1939 යේ “සුරතල් නංගියේ අපි දෙන්නා” යන ගීතය ගුවන්විදුලියේ ගායනා කරමින් ඇය කලා ක්ෂේත්‍රයට පිවිසියාය.
1956 දී රංග ගතවූ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ නම් වූ අද්විතීය නාට්‍යයේ පළමු මනමේ කුමරිය ලෙස කරළියට පැමිණි ට්‍රිලීශියා ගුණවර්ධන ඉතා සාර්ථක රංගන ශිල්පිණියකි.

ඇය පේරාදෙණිය සරසවියෙන් උසස් අධ්‍යාපනය හැදෑරූරිය. එපමණක් නොව, ඇය චිත්‍රපට සඳහාද ඇගේ රංගනදායකත්වය ලබා දී ඇත. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අති විශිෂ්ට සිනමා නිර්මාණයක් වූ ගම්පෙරලියේ අනුලාගේ චරිතයට පණ පෙවීය.
නිධානය, මඩොල්දූව, ගැහැණු ළමයි, බැද්දේගම, කලියුගය ආදී චිත්‍රපට වලට රංගනයෙන් දායකත්වය සැපයීය. රංගනයට මෙන්ම ගායනයට ද දක්ෂකම් කියූ ඇය ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට පෑයූ නොමියෙන තරුවකි.
මුලාශ්‍ර -
නිෂාදි ගල්ගේවෙල
Comments