දුවගේ උණුසුමට සල්ලි ගින්නට දැමූ කෝටිපතියා Pablo Emilio Escobar Gaviria
- Boomerang
- Jun 5, 2018
- 1 min read
Updated: Jun 7, 2018

තමන්ගේ ළමයාව කාටද ලොකු නැත්තේ? හැබැයි සමහර අය නම් ඉන්නවා උපන්ගමන් දරුවන්ව මහමග දාලා යන. තමන් මොන වෘත්තියක නියැලුණත් දරුවන් ගැන උපරිමයෙන් කැපවෙන දෙමව්පියන් ඉන්නවා ඕන තරම්.
Pablo Emilio Escobar Gaviria කියන්නේ කොලොම්බියාවේ හිටපු අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වගේම අපරාධකාරයෙක්. ඒ කාලේ ඔහුව හඳුන්වලා තියෙන්නේ කොලොම්බියානු මත්ද්‍රව්‍ය රජු කියලා. දවසක් මේ Pablo Emilio Escobar Gaviria ෆාම් එකක තමන්ගේ දුවත් එක්ක ඉද්දි දුවට දරුණු සීතලක් හැදිලා තියනවා. තමන්ගේ දුව දැඩි සීතලෙන් ගැහෙනවා දැක්ක Pablo Emilio Escobar Gaviria උණුසුම ඇති කරලා තියෙන්නේ ඔහු ළඟ තිබ්බ ඩොලර් මිලියන 2ක් වූ මුදල එතැනම ගිනි තියලා. මේ ජාවාරමකරුවා තමන්ගේ බිරිඳට, දරුවන් දෙදෙනාට වගේම තමන්ගේ ආරක්ෂකයන් ගැනත් ඉතාම ඕනෑකමින් හොයලා බලපු පුද්ගලයෙක්. 1949 වසරේ දෙසැම්බර් 01 වෙනිදා උපන්න Pablo Emilio Escobar Gaviria 1993 දෙසැම්බර් මාසේ 2 වෙනිදා මියයන්නේ කොළොම්බියානු පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින්.

චින්තනී නවෝද්‍යා ගමගේ
Comments